දේශීය

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් මරුට

(UTV | නාඋල) –  අද පස්වරුවේ ඇදිරි නිතිය ඉවත්කිරිමත් සමග මහනුවර – යාපනය ඒ නවය මාර්ගයේ මහනුවර සිට දඹුල්ල බලා ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් රාජකාරි නිමවා සිය නිවෙස වෙත යමින් සිටි පොලිස් සැරයන්වරයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුර නාඋල පොලිස් බල ප්‍රදේශයේ හුංගන්වෙල මංසන්ධියේ දී සිදුවී ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ නාඋල පොලිසියට අනුයුක්තව සේවයේ නිරතව සිටි පල්ලේපොල- මොරගස්පිටිය ලිපිනයේ පදිංචින සිටි ජාලිය පාලිත බණ්ඩාර කොහොන (45) නැමැති දෙදරැ පියෙකි.

අනතුර සිදුකර නොනවත්වා ධාවනය වී ඇති ලොරි රථය පසුපස මාර්ග රාජකාරියෙහි යෙදී සිටි පොලිස් නිලදාරින් දෙදෙනෙකු විසින් හඹාගොස් සැකරැවන් හා ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරින් පසු තුවාල ලැබු පොලිස් සැරයන් වරයා වහාම නාලන්ද රජයේ රෝහලට ඇතුළුලත් කර ඇති අතර අනතුරැව ඔහු මිය ගොස් තිබේ.

Related posts

වැලිකඩ කාන්තා රැඳවියන් 3ක් අගුණකොලපැලැස්සට මාරු කර යවයි

Mohamed Dilsad

කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ.

Editor O

වැඩබලන පාකිස්තාන මහ කොමසාරිස් සහ වාණිජ අමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment