දේශීය

නව අධ්‍යාපන නාලිකාව ලබන සතියේ සිට ක්‍රියාත්මකයි

(UTV | කොළඹ) – ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාව අප්‍රේල් 20 වනදා සිට විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙය “හැදෙන අපි හදන තැන” තේමාවෙන් ඉදිරිපත් කෙරෙයි.

එළඹෙන අප්‍රේල් මස 20 වනදා පෙරවරු 8.00 සිට රාත්‍රී 7.00  දක්වා ද රාත්‍රී 10.00 සිට රාත්‍රි 12.00 දක්වාද ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් සමඟ එක්වීමේ අවස්ථාව සිසු දරුදැරියන්ට හිමිවේ.

වැඩසටහන් සමාරම්භක දිනයෙන් පසු එනම් අප්‍රේල් 21 දා සිට සෑම දිනකම පෙරවරු 4 සිට අධ්‍යාපන විකාශය ආරම්භ කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ අධ්‍යාපන,  ක්‍රීඩා හා තරුණ  කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සංකල්පයක් අනුව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ද සහයෝගයෙන් ගුරුගෙදර අධ්‍යාපන නාලිකාව  ක්‍රියාවට නැංවෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශයට අමතරව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ නිපුණතා  සංවර්ධන  අමාත්‍යාංශය,  තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසම මඟින් ද සෑම දිනකම රාත්‍රී 10.00  සිට අධ්‍යාපනික වැඩසටහන් විකාශනය කිරීමට අපේක්ෂිතය.

Related posts

නාඳුනන මළ සිරුරක්

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණය අදාළව මැතිවරණ කොමිෂමෙන් විශේෂ චක්‍රලේඛයක්

Editor O

ඇඳිරි නීතිය කඩකළ පිරිස 66,000 ආසන්නයි

Mohamed Dilsad

Leave a Comment