දේශීය

දැරිය අපයෝජනය කළ පොහොට්ටු මන්ත්‍රි පක්ෂයෙන් නෙරපා හැරේ

(UTV |කොළඹ ) – පොදුජන පෙරමුණ විසින් සෙවණගල ප්‍රාදේශයේ 13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ ප්‍රාදේශය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට අදාල ලිපිය මේ වන විට යොමු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කරයි.

මීට අමතරව පක්ෂයෙන් නෙරපා හැරීමට අදාළ නීතිමය කටයුකු සිදුකිරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් අවශ්‍ය විධි විධාන සලස්වා තිබේ.

පොලීසිය මඟහරිමින් සිටි තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු 05 දෙනකු අත්අඩංගුවට ගැනීමට සෙවනගල පොලීසිය කටයුතු කළ අතර ඔවුන් ලබන 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.

Related posts

දුරගමන් සේවා බස් සති අන්තයේදි සාමන්‍ය පරිදි ධාවනයට

Mohamed Dilsad

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ට අදාළව අධිකරණය දුන් නියෝගය

Editor O

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment