දේශීයව්‍යාපාරික

සහල් වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක්

(UTV | කොළඹ) – සහල් වර්ග කිහිපයකට අද (10) සිට බලාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් පැනවීමට කටයුතු කර ඇත.

ඒ අනුව සුදු හා රතු කැකුලු සහල් කිලෝවක් රුපියල් 85 කටද , සුදු හා රතු කැකුලු සම්බා සහල් කිලෝවක් රුපියල් 90 කටද යටත් කර තිබෙන අතර , කීරි සම්බා කිලෝවක් අලෙවි කල හැකි උපරිම සිල්ලර මිල රුපියල් 125 ක්.

පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ සුදු හා රතු සම්බා සහල් කිලෝවක් රුපියල් 90 ක උපරිම සිල්ලර මිලකටද සුදු හා රතු නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 90 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

මීට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවද නියමයන් කඩකර වැඩි මිලට අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාවට නංවන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කළේය.

 

 

Related posts

9 වන පාර්ලිමේන්තුවේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රම වේද වලට මුල් තැන

Mohamed Dilsad

රූමතියන්ට හිංසා | පාර්ලිමේන්තුව තුළ ඇරඹූ පොලිස් විමර්ශන

Mohamed Dilsad

කතරගම ප්‍රදේශයේ ඇති, දේශපාලකයෙක්ට අයත්යැයි කියන නිවසක් ගැන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් : වාර්තාව නීතිපතිට

Editor O

Leave a Comment