දේශීය

නිරෝධායන කාලය දින 21 ක් කෙරේ

(UTV | කොළඹ) –  නිරෝධායන මධ්‍යස්ථානවලදී පුද්ගලයන් නිරෝධායනයට කෙරෙන කාල සීමාව දින 14 සිට 21 දක්වා වැඩි කෙරෙන බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අද පෙරවරුවේත් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 5 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති අතර, මේ වනවිට නිරෝධායනය අවසන් කර ඇති මුළු සංඛ්‍යාව 3415 කි.

මේ අතර බණ්ඩාරගම , අටලූගම සහ මහනුවර , අකුරණ යන ප්‍රදේශ තවදුරටත් හුදකලා නගර ලෙස පවත්වාගෙන යන බවද යුද හමුදාපතිවරයා පැවසීය.

එමෙන්ම, එම ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය සියලූ කටයුතු සම්පාදනය කිරීමට ද රජය කටයුතු කරමින් සිටින බවද යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

ෆාමසි වලට ඖෂධ නිකුත් කිරීම නවතී

Mohamed Dilsad

නැවත දැනුම් දෙන තුරු අවලංගු කළ දුම්රිය ගමන්වාර

Mohamed Dilsad

මිනුවන්ගොඩ කොරෝනා ආසාදිතයින් ගණන 1053 දක්වා ඉහළයයි

Mohamed Dilsad

Leave a Comment