දේශීයවිදෙස්

ලොව පුරා කොරෝනා මරණ 70, 000 ඉක්මවයි

(UTV | කොළඹ) –  ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දොළොස් ලක්ෂ 87,168 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 70,530 ක් ලෙස වාර්තා වෙයි.

ලිබියාවේ අන්තර්වාර රජයේ අගමැති ධුරය දැරූ මහමුද් ජබ්රිල් කොරෝනා වෛරසයට ගොදුරු වී ඊජිප්තුවේ කයිරෝ නුවර දී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඔහු කොරෝනා වෛරසයට ගොදුරු වූ ප්‍රථම මැද පෙරදිග රාජ්‍ය තාන්ත්‍රිකයා ද වෙයි.

ඉරානයේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 60,000 ඉක්මවා ඇති අතර, එරටින් මරණ 3739ක් ද වාර්තා වී තිබේ.

Related posts

මාවනැල්ල පස් කන්ද කඩා වැටී අතුරුදන්වූ 04 දෙනාගේම සිරුරු හමුවෙයි

Mohamed Dilsad

වැලිසර නාවික හමුදා සෙබලුන්ගේ PCR පරීක්ෂණ වාර්තා අද

Mohamed Dilsad

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙක් ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment