විදෙස්

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙක් ඉන්දියාවට

(UTV | කොළඹ) – ඉන්දීය සන්නද්ධ හමුදා සඳහා ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙකු පත් කර තිබේ.

දාහතර ලක්ෂය ඉක්ම වූ ක්‍රියාකාරී හමුදා සාමාජිකයින් සහ දස ලක්ෂයකට ආසන්න ස්වේච්ඡා භටයන්ගෙන් සමන්විත ඉන්දීය සන්නද්ධ හමුදාව සඳහා ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙකු පත් කළ ප්‍රථම වතාව මෙය වේ.

ඊයේ (30) අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් එරට හමුදා ප්‍රධානියා වන චීෆ් ජනරාල් බිපින් රාවට් මෙලෙස නම් කරනු ලැබුවේය. .

ඔහු අද(31) හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මෙලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් වීමට නියමිතව ඇත.

මේ අනුව මින් පසු ඉන්දීය යුද, නාවික හා ගුවන් හමුදා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ඍජුව කටයුතු කරනු ඇත්තේ නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බිපින් රාවට්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Microsoft වෙළඳසැල් 100කට වැඩ වැඩි ගණනක් වසා දැමීමට සැරසෙයි

Mohamed Dilsad

ඇමෙරිකාවේ පාසැලක වෙඩි තැබීමක් 3ක් මරුට

Mohamed Dilsad

ට්‍රම්ප්ට එරෙහිව ඇමෙරිකාවේ විරෝධතා

Mohamed Dilsad

Leave a Comment