දේශීය

යාපනය රෝහලේ දී කොරෝනා රෝගීන් 3කු හදුනා ගනී

(UTV |යාපනය ) – යාපනය ශික්ෂ රෝහලට ඇතුලත් කෙරුණු තවත් රෝගීන් තිදෙනෙකුට ඊයේ (02) දිනය වන විට එම වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබේ.

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති පවසන්නේ අදාල රෝගීන් තිදෙනාගෙන් පළමුව එක් රෝගියෙකුත් අනතුරුව තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගත් බවයි.

මේ අනුව යාපනය දිස්ත්‍රීක්කයෙන් හමුවූ මුලු රෝගීන් ගණණ 04 කි.

එම රෝගීන් සිව්දෙනාම කොරෝණා වෛරසය  වැළඳුනු ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාගේ දේව මෙහෙයන්ට සහභාගී වූවන් වශයෙන් හෙලි වී ඇති බවද වෛද්‍ය සත්‍යමූර්ති මහතා පැවසුවේය.

මෙලෙස ඊයේ (02) දින වාර්ථා වූ රෝගීන්ගෙන් එක් අයෙකු ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාගේ නිකායට සමබන්ධ ශ්‍රීලංකාවේ ප්‍රධානියා වශයෙන්ද තොරතුරු වාර්ථා වී ඇත.

 

 

Related posts

ජනාධිපති කොමිසමේ නිල කාලය යළි දීර්ඝ කෙරේ

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

මේ වසරේ පළමු මාස පහ තුළ, දේශපාලකයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 607 දෙනෙකුට නීතිපති විසින් අධිචෝදනා ගොනු කරලා

Editor O

Leave a Comment