දේශීය

කැලණි ගඟේ ජලය ගැන සහතිකයක්

(UTV |කොළඹ ) –  මේ වන විට කැලණි ගඟේ ජලයේ ගුණාත්මක බව යහපත් බව තහවුරු කෙරේ.

ඒ මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදුකරන ලද පරීක‍ෂණ වලින් පසුවය.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඊයේ (01) කැලණි ගඟේ ජලයේ ගුණාත්මක භාවය පරීක‍ෂා කිරීම සඳහා ජල සාම්පල ලබා ගත්තේය.

එහිදී කඩුවෙළ පාලම, කළු ඇළ පාලම අතුළු තවත් ස්ථාන කිහිපයකින් පරීක‍ෂණ සඳහා කැලණි ගඟේ ජල සම්පල ලබා ගන්නා ලදී.

මේ වන විට එම ජල සාම්පලවල විශ්ලේෂණ කටයුතු ආරම්භකර ඇත.

ඊයේ දින ක්ෂේත්‍රයේදී මිනුම්කරන ලද ප්‍රමිතීන්ට අනුව කැලණි ගඟේ ජලයේ ගුණාත්මක භාවය ඉහළ ගොස් ඇති බව අනාවරණ වී ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ ජලයේ බොර බව අඩු වී යහපත් තත්ත්වයක පැවතීම නිසා ජලයේ ගුණාත්මක භාවය වැඩිවී ඇති බවයි.

කැලණි ගඟේ ජලයේ ගුණාත්මකබව මෙලෙස ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මේදිනවල කර්මාන්ත ශාලාවලින් අපද්‍රව්‍ය මුදා නොහැරීම බව මධ්‍යම පරිසර අධිකාරියේ රසායනාගාර සේවා අංශය පවසයි.

Related posts

ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැන දැනුම්දෙයි

Mohamed Dilsad

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට

Mohamed Dilsad

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment