දේශීය

කොරෝනා අරමුදලට රුපියල් කෝටි 14 ක ආධාර

(UTV | කොළඹ) – කෝවිඞ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටි 14 ක ආධාර ඒකරාශි වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ආයතන සහ පෞද්ගලික පරිත්‍යාගශීලීන් විශාල පිරිසක් අරමුදල ශක්තිමත් කිරීමට දායක වෙමින් සිටින බවයි.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලක් මාර්තු මස 23 වනදා ස්ථාපනය කළේය.

ඒ සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් කෝටි 10 ක මුදලක් ප්‍රදානය කෙරුණි.

Related posts

ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළට

Mohamed Dilsad

ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුළු 6 දෙනෙකු යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට පියවර නොගත්තැයි, ශානි අබේසේකරට එරෙහිව නඩු දාන්න සාක්ෂි නැහැ – නීතිපති

Editor O

Leave a Comment