දේශීය

විශ්‍රාම වැටුප් ලබන 2 සහ 3 දිනවලදී

(UTV |කොළඹ ) – අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අප්‍රේල් මස 2 සහ 3 යන දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට තීරණය කර ඇති බව පවසයි.

අප්‍රේල් මස 6 වනදා වන විට මෙම දින දෙක තුළදී ගෙවීම් ලබා ගැනීමට නොහැකි වන අයට අදාල ගෙවීම් සිදුකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එම කාර්යාලය සදහන් කළේය.

තැපැල් කාර්යාල මගින් හෝ බැංකු ගිණුම් හරහා විශ්‍රාම වැටුප් ලබාගත හැකියි.

තැපැල් කාර්යාල මගින් විශ්‍රාම වැටුප් ගන්නා විශ්‍රාමලාභීන්ට ඔවුන්ගේ නිවෙස්වලට හෝ ග්‍රාම සේවක වසම තුළට තැපැල් දෙපාර්තමේන්තුව මගින් එය ගෙනැවිත් භාරදෙනු ඇත.

බැංකු ගිණුම් මගින් විශ්‍රාම වැටුප් ගන්නා අයගේ මුදල් අදාළ බැංකු ගිණුම් වෙත ලබන 2 – 3 දිනවලදී බැර කිරීමට නියමිතයි.

ඇඳිරි නීතිය හමුවේ බැංකු ශාඛා වෙත යාමට නොහැකි පුද්ගලයන්ට ග්‍රාම නිළධාරී වෙත දැනුම්දෙන්නැයි ඉල්ලීමක් කරන අතර එහිදී ආසන්නම බැංකුව වෙත අප්‍රේල් 2 – 3 දිනවල රැගෙන යාම සිදුවන අතර නැවතත් බැංකුවේ සිට ගම් ප්‍රදේශ වෙත රැගෙන ඒමද සිදු කෙරේ.

නගරවල පිහිටා ඇති සිය එක් ශාඛාවක් හෝ මෙම දිනවල විවෘත කර තැබීමට රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා එකග වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

Related posts

බද්දේගම අවමංගල්‍යයක් අතර තුර තවත් මරණ දෙකක් : තුනක් රෝහලේ

Editor O

සෙසු දිස්ත්‍රික්කවල එන්නත්කරණය සිදුවන්නේ කොළඹ සහ ගම්පහ අවසන් වූ පසුයි

Mohamed Dilsad

දේශපාලන ගුවන් ප්‍රචාරක කටයුතුවලට කාලය වෙන් කිරීමට කුසපත් ඇදීමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment