විදෙස්

දේශපාලඥයින්ගේ වාහන වලට රතු ලාම්පු සවි කිරීම තහනම්

(උදයම්,ඉන්දියාව)  – මාර්ගවල ප්‍රමුඛතාව ලබා ගැනීම සඳහා දේශපාලඥයින්ගේ හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ මෝටර් රථවල වහලයෙහි සවිකර ඇති රතු ලාම්පු (red beacons) මැයි 01 දින සිට තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගනී.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි පවසන්නේ මින් ඉදිරියට කිසිදු මෝටර් රථයකට රතු ලාම්පු සවිකිරීම තහනම් වන බවය.

මෙම නව නීති යටතේ ගිලන් රථ, ගිනි නිවීමේ රථ හා පොලිස් රථවලට නිල් පැහැති ලාම්පු භාවිත කළ හැකි අතර red beacons ලාම්පු තහනම් කර තිබේ.

ඉන්දීය ජනතාව මේ සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට සිය ප්‍රසාදය පළකර ඇත.

මහා මාර්ගයේ දී සාමාන්‍ය ජනතාව සහ ප්‍රභූ පුද්ගලයින් අතර පරතරය නැති කිරීමට මෙය දිගු කලකට පෙර ගත යුතුව තිබූ පියවරක් ලෙසත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඔස්ට්‍රේලියාවට බලපෑ දරුණුම ලැව්ගිනි ව්‍යසනය

Mohamed Dilsad

ජනාධිපති ට්‍රම්ප් ගෙන් ඇමෙරිකානු බුද්ධි අංශයට චෝදනා

Mohamed Dilsad

ෆ්ලොරිඩා ගුවන් තොටුපළක සිදුවූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment