දේශීය

විවාහ උත්සව තහනම් නැහැ – පොලිසිය

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම සැළකිල්ලට ගනිමින් මහජනතාව වැඩි වශයෙන් රැස්වන සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ උත්සව දින 14 ක කාලයක් තහනම් කෙරුනද විවාහ උත්සව තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

එවැනි ආකාරයේ උත්සවයක් පවත්වන්නේ නම්, සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර නිරෝධායනයට පියවර ගන්නා ලෙසටත් කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේය.

එමෙන්ම, අද දිනයේ අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර නිවසින් බැහැරව නොයන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රසන්න ගුණසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

එජාප නායකත්ව අභියෝගයට කරූ සූදානමින්

Mohamed Dilsad

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හිරවෙයි

Editor O

සිවිල් ආරක්ෂක සෙබළෙකු වෙඩි තබාගෙන දිවි නසාගනී

Mohamed Dilsad

Leave a Comment