විදෙස්

කොරෝනා මරණ 3400 ඉක්මවයි – ඉතාලියේ මරණ තවත් ඉහළට

(UTV| කොළඹ) –  මේ වන විට ලෝකයෙන්ම වාර්තාවන නව කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ 2040 දක්වා ඉහළ ගොස් තිබෙන අතර , ඊයේ වනවිට සටහන් වී තිබූ පුද්ගල මරණ ගණන 3494 ක්.

ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් මරණ 49 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරටින් මේ වනවිට සටහන් වන මුළු පුද්ගල මරණ සංඛ්‍යාව 197 ක් බවට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් – 19 වෛරසය පාලනය කිරීමේ අරමුණින් ඩොලර් බිලියන 8.3 ක හදිසි සෞඛ්‍ය පණතකට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් තබා තිබේ.

කැලිෆෝනියා වෙරළේ නැංගුරම් ලා ඇති ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි වෛරස ආසාධිතයන් 21 දෙනෙකු ඊයේ දිනය තුළදී හඳුනාගෙන ඇති අතර , එහි සිටින මගීන් 2600 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 1500 ක් නිරෝධායනය කිරීමටයි විධිවිධාන යොදා ඇති බව වාර්තා වෙයි.

මේ වන විට අමෙරිකාවෙන් ද තහවුරු කරගත් කොරෝනා ආසාධිතයන් 282 දෙනෙකු හමුවී ඇති අතර , පුද්ගල මරණ 15 ක් වාර්තා වෙයි.

Related posts

දූවිලි කුණාටුවකින් ඕස්ට්‍රේලියාවට බලපෑම්

Mohamed Dilsad

මාලි රාජ්‍යයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 40ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

සිව්දින සටන් විරාමය තුළ තවත් පලස්තීනුවන් 39කට නිදහස

Mohamed Dilsad

Leave a Comment