ව්‍යාපාරික

පහසුකම් රැසකින් සමන්විත ස්මාර්ට් විදුලි මීටරයක් හඳුන්වා දෙයි

(UTV | කොළඹ) – නිවෙස්වල මෙන්ම විවිධ ආයතන සඳහා විදුලිය ලබා ගැනීමේ දී දැනට භාවිතා කරන විදුලි මීටර්වලින් නොයෙකුත් අක්‍රමිකතා සිදු කළ හැකි වෙනවා මෙන්ම එම මීටර් භාවිතයේ දී ද මනු කියවන්නන් හට ද විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදු සම්බන්ධයෙන් මෙම විදුලි මීටරය හඳුනා දී ඇති අතර එය ශ්‍රී ලාංකික අර්ධ රාජ්‍ය ආයතනයක් වන LECO මඟින් හඳුනා දී තිබේ.

එම ආයතනය විසින් නිෂ්පාදනය කරන මෙම නව ස්මාර්ට් විදුලි මීටරය නිෂ්පාදනය සඳහා නවීනතම තාක්ෂණය අප රටට හඳුන්වා දෙමින් ඉදි කරන ලද ඉලෙක්ට්‍රොනික තරංග පෑස්සුම් නිෂ්පාදනාගාරය (Wave Soldering) විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත විය.

මෙම ආයතනය විසින් දිනකට නව ස්මාර්ට් විදුලි මීටර් 2000 ක් නිපදවන අතර දැනටමත් අපේ රට තුළ එවැනි ස්මාර්ට් විදුලි මීටර් 64000 ක් අලෙවි කරනු ලැබ තිබේ.

අප රටේ නිපදවන මෙම ස්මාර්ට් විදුලි මීටර් සඳහා මේ වනවිට නෙදර්ලන්තයේ කෙමා ආයතනය KEMA Institute විසින් සිදු කළ ක්‍රමාංකන පරීක්ෂණවල දී ඉහළ සම්මානයටද පාත්‍ර වී තිබේ.

වසරකට මෙම ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 04 ක් නිපදවීම මෙම කර්මාන්ත ශාලාවේ ඉලක්කය වී තිබේ.

Related posts

කොටස් වෙළඳපොළ ගණුදෙනු තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

එක්සත් රාජධානියෙන් ලංකාවට විශාල වෙළඳ සහනයක්

Mohamed Dilsad

එළවළු මිල ගණන් අඩු වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment