දේශීය

ඉතිහාසඥයෙක් වන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර අභාවප්‍රාප්ත වෙයි

(UTV|මහනුවර) – කෘතහස්ත ඉතිහාසඥයෙක් වන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා ඊයේ (19)  මහනුවර මහ රෝහලේ දී අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු විසින් රාවණා යුගය පිළිබදව පර්යේෂණ කෘති කීපයක් දැයට දායාද කර ඇත.

ඒ මහතා භාවප්‍රාප්ත වන විට 80 වියේ පසුවිය.

“රිදී පෑන” ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු මිය යනවිට පර්යේෂණ කෘති ඇතුළු කෘති 54 ක් රචනාකොට ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූ ග්‍රන්ථ කතෘවරයෙක් ලෙස සැළකේ.

මිරැන්ඩෝ ඔබේසේකර මහතා තිදරු පියෙකි.

ඒ මහතාගේ දේහය ගලේවෙල තලකිරියාව ඔබේසේකර අරණේ තැනපත්කර ඇති අතර අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙන බව ඥාතීන් පවසයි.

Related posts

ජනතා බදු මුදලින් නඩත්තුවෙන වාහනවලින්, පොලිස් ආරක්ෂාව යටතේ යෝෂිත මල්ලි කොළඹ ට එක්කගෙන ආපු පොලීසියට නාමල් රාජපක්ෂ ස්තුති කරයි.

Editor O

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹ මහ නගර සභා සීමාවෙන්

Mohamed Dilsad

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණයක්

Editor O

Leave a Comment