දේශීය

ඉතිහාසඥයෙක් වන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර අභාවප්‍රාප්ත වෙයි

(UTV|මහනුවර) – කෘතහස්ත ඉතිහාසඥයෙක් වන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා ඊයේ (19)  මහනුවර මහ රෝහලේ දී අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු විසින් රාවණා යුගය පිළිබදව පර්යේෂණ කෘති කීපයක් දැයට දායාද කර ඇත.

ඒ මහතා භාවප්‍රාප්ත වන විට 80 වියේ පසුවිය.

“රිදී පෑන” ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු මිය යනවිට පර්යේෂණ කෘති ඇතුළු කෘති 54 ක් රචනාකොට ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූ ග්‍රන්ථ කතෘවරයෙක් ලෙස සැළකේ.

මිරැන්ඩෝ ඔබේසේකර මහතා තිදරු පියෙකි.

ඒ මහතාගේ දේහය ගලේවෙල තලකිරියාව ඔබේසේකර අරණේ තැනපත්කර ඇති අතර අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙන බව ඥාතීන් පවසයි.

Related posts

කොරෝනා වැළදුණු චීන කත තවදුරටත් අයි.ඩී.එච්. රෝහලේ

Mohamed Dilsad

රාමසාන් වෙනුවෙනුත් මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

අවුරුද්දකට ඇප ගන්න බැරි වෙන්න තමන්ව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ගැන උදය ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment