ව්‍යාපාරික

කොළඹ මුද්දර දැක්ම පෙබරවාරි 20 වනදා තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදී

(UTV | කොළඹ) –  හරිත ලෝකයක් අපේක්ෂාවෙන් 2020 වර්ෂයේ සිට රට තුළ ගොඩනැඟෙන තිරසාර සංවර්ධනය මෙම මුද්දර මඟින් ලොවට ගෙනයාම තැපැල් දෙපාර්තමේන්තුවේ අරමුණ කරගනිමින් විශේෂිත වර්ෂයක් ලෙස ලොවම සළකන 2020 වර්ෂය සැමරීම විශේෂ මුද්දරයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව, 2020 සැමරුම් මුද්දරය නිකුත් කිරීම 2020.02.20 වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 10, ඩි.ආර්.විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මුලස්ඨාන පරිශ්‍රයේ දී නිකුත් කෙරෙනු ඇත.

මෙම මුද්දරය නිකුත් කිරීමට සමගාමී ව සිරිලක ගී කේත පෝෂණය කළ අසහාය ගයක අල්හාජ් මොහිදීන් බෙග් මහතා වෙනුවෙන් සැමරුම් මුද්දරයක් ඩ එදින නිකුත් කිරීමට නියමිතව තිබේ.

එමෙන්ම, මෙම වැඩසටහන් සියල්ලට සමගාමී ව 2020 වසරේ ප්‍රථම කොළඹ, මුද්දර දැක්ම සහ ප්‍රදර්ශනය පෙබරවාරි 20 සිට 23 දා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා තැපැල් මුලස්ථානයේ දී පැවැත්වේ. දෙස් විදෙස් මුද්දර, මුල්දින කවර, සිහිවටන පත්‍රිකා, කාසි හා නෝට්ටු, ආදී බොහෝ දෑ දැක බලාගැනීමට මෙන්ම මිල දී ගැනීමට ද මුද්දර ලෝලීන්ට අවස්ථාව උදාවේ.

Related posts

2019 සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාවට තවත් සහතිකයක්.

Mohamed Dilsad

වසර පුරාවට ඵලදාව ලැබෙන නව අඹ ප්‍රභේදයක්

Mohamed Dilsad

අන්තර්ජාලය ඔස්සේ මැණික් වෙළඳාමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment