දේශීය

විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටළු විසඳීමට විශේෂ කමිටුවක්

(UTV | කොළඹ) – විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් වැඩිකිරීමේ ගැටළු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බව රාජ්‍ය පරිපාලන සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඒ මඟින් එම ගැටලුව විසඳීමට හැකි බවයි.

මේ දිනවල විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් පිළිබඳව මාධ්‍ය මඟින් කතාබහට ලක්වන ගැටළු පිළිබඳව රජයේ නිල පුවත් වෙබ් අඩවිය  කළ විමසුමකදී ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

වැඩි දුරටත් අදහස් දක්වූ ලේකම්වරයා පැවසුවේ, මෙම වැඩිකිරීම සිදු තිබුනේ 2011න් පසු විශ්‍රාම ලැබූ රජයේ සේවකයන් සඳහා බවත් එම වැඩිකිරීම මඟින් 2011ට පෙර විශ්‍රාම ලැබුවන්ට අසාධාරණයක් සිදුවන බවත් ය.

එම නිසා දෙපාර්ශවයටම අසාධාරණයක් නොවන පරිදි නව කමිටුව මගින් අදාළ ගැටලුවට විසඳුමක් දීමට ඉදිරියේදී කටයුතු කරන බවත් 2021 වනවිට මේ සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් ලබාදීමට හැකි බවත් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ජනාධිපතිවරයා විසින් කරන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගැන, මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි

Editor O

මුඛ ආවරණ නොපැළදි 14 කට කොරෝනා

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

Leave a Comment