විදෙස්

රුසියානු ගුවන් ප්‍රහාරයෙන් සිරියාවේ 10 ක් ජීවිතක්ෂයට

(UTV | සිරියාව) – සිරියාවේ වයඹදිග ඉඩ්ලිබ් ප්‍රදේශයේ රෝහලකට සහ බේකරියකට එල්ල වූ  රුසියානු ප්‍රහාරක ජෙට් යානා ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් තවත් සිවිල් වැසියන් 37 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන්.

විදෙස් වාර්තා සඳහන් කළේ කැරලිකරුවන්ගේ ග්‍රහයෙන් පවතින අවසන් ප්‍රදේශය ඉඩ්ලිබ් ප්‍රදේශය වන අතර, ඊයේ සිට මේ දක්වා රුසියානු හමුදාව දියත් කළ ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

සිවිල් ආරක්ෂක කණ්ඩායම් සහ තුවාල ලැබූ සිවිල් වැසියන් අවට රෝහල් වෙත යවා ඇති අතර සෙවීමේ සහ ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බව සඳහන්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ මියගිය අයගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.

Related posts

ඇමසන්හි ලැව්ගිනි පාලනයට විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

සර්බියාව රුසියාව සමඟ නව ගිවිසුමකට එළඹෙයි

Mohamed Dilsad

චීන කොරෝනා එන්නත නොවැම්බර් මාසයේ දී

Mohamed Dilsad

Leave a Comment