දේශීය

ඩෙංගු කීටයින් විනාශ කිරීමට නව ක්‍රමවේදයක්

(UTV| කොළඹ) –  ඩෙංගු මදුරු කීටයින් විනාශ කිරීමට යොදාගත හැකි හරිතප්‍රද (ක්ලෝරොපිල් – Chlorophyll) විෂ රහිත තිරසර ක්‍රමවේදයක් පිළිබද යෝජනා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ජර්මන් ජාතික විශේෂඥවරයෙකු වන ඩෝනාට් පීටර් හේඩර් මහතා (Prof.Donat Peter Hader)පසුගියදා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මුණ ගැසී මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ.

ජර්මන් ජාතික විශේෂඥවරයෙකු වන ඩෝනාට් පීටර් හේඩර් මහතා මෙහිදී පෙන්වා දුන්නේ දැනට සිදු කෙරෙන මදුරු මර්දන ක්‍රමවේදය සහ මෙම ක්‍රියාවලිය බොහෝ වෙනස් බවයි.

හරිද ප්‍රද (ක්ලෝරොපිල් – Chlorophyll)මගින් මෙය සිදු කරනු ලබන මෙම ක්‍රමවේදය තිරසාර ක්‍රමවේදයක් බවත් ක්ලෝරොපිල් ශ්‍රි ලංකාව තුල බොහෝ වන බවත්, කිසිම හිඟයක් ඇති නොවන බවත් පෙන්වා දුන් ඩෝනාට් පීටර් හේඩර් මහතා ක්ලෝරෆිල් බෝග වලින්ම ලබා ගත යුතු නොවන බවත්, තණකොළ, කෙසෙල් කොළ වැනි දේ වලින් ක්ලෝ ක්ලෝරොපිල් ලබාගෙන සරළ රසායනික විද්‍යාත්මක ක්‍රියාවලියක් මගින් ක්ලෝරොෆිලින් (chlorophyllin)නැමැති මෙම සාන්ද්‍රණයක සාදා ගත හැකි බව ද පෙන්වා දුන්නේය.

ඉතාම අඩු සාන්ද්‍රණයකින් මෙම සංයෝගය භාවිත කර මදුරු කීටයින් විනාශ කිරීමට භාවිත කළ හැකි බවත්, මෙහි විෂ ගතියක් පෙන්නුම් කරන්නේ හිරු එළියට නිරාවරණය වීමෙන් පමණක් බවත්, හිරුඑළිය වැටීම නිසා මදුරු කීටයා ඇතුලත මෙම විෂ සහිත ක්‍රියාවලින් සිදුවීම හේතුවන් මදුරු කීටයින් මර්දනය සිදු වන බව පෙන්වා දෙයි.

Related posts

ඇමරිකාවේ සහ කැනඩාවේ ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

Mohamed Dilsad

ශ්‍රී ලාංකිකයෙකුට ඉන්දීය අධිකරණයින් වසර 5 ක සිර දඬුවම්

Mohamed Dilsad

යාපනය දෙමව්පියන්ගෙන් දැඩි විරෝධයක්

Mohamed Dilsad

Leave a Comment