දේශීය

රාජිත සේනාරත්නට මහාධිකරණයෙන් නොතිසි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත අයදුම්පත මේ මස 17 වන දා සලකා බැලීමට තීරණය කර තබේ.

මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් නොතිසි නිකුත් කර ඇත්තේ දැනට ඇප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

සුදුවෑන් මාධ්‍ය හමුවට අදාලව අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා පසුගිය 30 වනදා ඇප මත මුදා හරිනු ලැබුවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් අනුවයි.

එම නියෝගයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොණු කර තිබෙන අතර එම අයදුම්පත සලකා බැලීම යටතේයි රාජිත සේනාරත්න මහතාට නොතීසි නිකුත් කර ඇත්තේ.

Related posts

නවසීලන්තය ලකුණු 88ක ට දැවී යයි.

Editor O

සියලු PCR පරීක්ෂණාගාර සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

වැඩබලන පාකිස්තාන මහ කොමසාරිස් සහ වාණිජ අමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment