දේශීය

මීගමුව ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

(UTV |ගම්පහ) – මීගමුව, මහනගර සභා බලප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන 06 වනදා ජල සැපයුම අතහියුවන් බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මේ අනුව ලබන සදුදා පෙරවරු 9 සිට අගහරුවාදා පෙරවරු 9 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ විදුලි උත්පාදකයක් සවි කිරීම හේතුවෙන් ජල සැපයුම මෙලෙස අත්හිටුවන බවයි.

මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ මීගමුව මහනගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ , දූව, පිටිපන, දුන්ගල්පිටිය, බාසීයාවත්ත, පමුණුගම, කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන් හමුදා කඳවුර හා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රය ඇතුළු කටාන යන ප්‍රදේශවලටය.

Related posts

අදත් මෙරටින් ආසාදිතයින් 797 දෙනෙක්

Mohamed Dilsad

ගුවන් තොටුපොළ යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අද යළි සාකච්ඡාවක්

Mohamed Dilsad

දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විශේෂ ක්‍රමවේදයකට

Mohamed Dilsad

Leave a Comment