දේශීය

මීගමුව ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

(UTV |ගම්පහ) – මීගමුව, මහනගර සභා බලප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන 06 වනදා ජල සැපයුම අතහියුවන් බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මේ අනුව ලබන සදුදා පෙරවරු 9 සිට අගහරුවාදා පෙරවරු 9 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ විදුලි උත්පාදකයක් සවි කිරීම හේතුවෙන් ජල සැපයුම මෙලෙස අත්හිටුවන බවයි.

මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ මීගමුව මහනගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ , දූව, පිටිපන, දුන්ගල්පිටිය, බාසීයාවත්ත, පමුණුගම, කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන් හමුදා කඳවුර හා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රය ඇතුළු කටාන යන ප්‍රදේශවලටය.

Related posts

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන ආචාර්යවරුන්ගේ තීරණය

Mohamed Dilsad

පාකිස්තානයෙන් සැමවිටම ශ්‍රී ලංකාවට සහාය – මහ කොමසාරිස්

Mohamed Dilsad

ජොනී ප්‍රකාශයක් ලබාදීමට සී.අයි.ඩී.යට

Mohamed Dilsad

Leave a Comment