ප්‍රමුඛ පුවත 1

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සේවා දිවියට සමුදෙයි

(UTV | කොළඹ) – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (31) දිනයේ තම සේවා දිවියෙන් විශ්‍රාම යනු ලබයි.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ වර්තමානය වන විට සිටින දීර්ඝතම සේවා කාලයක් හිමි සහ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ ඔහුයි.

විජේගුණරත්න මහතාගේ විශ්‍රාම යාම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සම්මාන මුරයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය ඉදිරිපිට අද පෙරවරුවේ පැවති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය සඳහන් කළේය.

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න වසර 40 කට ආසන්න කාලයක් හමුදා සේවයේ නිරත විය.

1980 වසරේ නොවැම්බර් මස 01 වනදා ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්වූ ඔහු 2015-2017 කාලය තුළ නාවික හමුදාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගණය ඔහු විසින් ස්ථාපිත කිරීමෙන් නිර්මාණය කරන ලද්දක් වීම ද ඔහුගේ රාජකාරී දිවිය තුළ සිදුකරන ලද තවත් සුවිශේෂී දෙයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් වස්කඩුවේදී 06 කට ජීවිත අහිමි වෙයි

Mohamed Dilsad

රන්ජන්ගේ කොකේන් කතාව ගැන විමර්ශනය කරන්න අද සුදානම්

Mohamed Dilsad

ඇමරිකානු GSP බදු සහනය නැවත වරක් – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment