ප්‍රමුඛ පුවත 1

කෙහෙළියට එරෙහි නඩුව ගැන මහාධිකරණයෙන් තීරණයක්

(UTV | කොළඹ) – අද (20) කොළඹ මහාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සහ තවත් පුද්ගලයෙකුට අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පවරා ඇති නඩුව තවදුරටත් විභාගයට ගත නොහැකි බව තීරණය කළේය.

මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් විසින් විත්තිකරුවන් ගොනුකර තිබූ ප්‍රතිශෝධන අයදුම්පතෙහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම තීරණය ගෙන තිබේ.

විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ අනුමැතියෙන් තොරව මෙම නඩුව ගොනු කර ඇති බවට මෙම ප්‍රතිශෝධන අයදුම්පත කොළඹ මහාධිකරණයේ ගොනුකර තිබුණි.

මෙම නඩුව කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටිය අවධියේදී ඔහු පෞද්ගලික දුරකථන බිල රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවූ බවට චෝදනා කරමින් පවරා තිබූ අතර, එහි සැකකරුවෙකු ලෙස රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අමතරව නම් කර තිබුණේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ එවකට හිටපු සභාපති ජයම්පති හීන්කෙන්දයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇඳිරි නීතිය පිළිබඳව නිකුත් කළ නවතම නිවේදනය [PRESS RELEASE]

Mohamed Dilsad

අදුරු කළ වීදුරු සහිත වාහන අල්ලන්න අද සිට පොලිස් මෙහෙයුම්

Mohamed Dilsad

ජනාධිපතිවරණයට නාම යෝජනා සමඟ වත්කම් හා බැරකම් ඉදිරිපත් කල යුතුයි

Mohamed Dilsad

Leave a Comment