ප්‍රමුඛ පුවත 1

කටුනායක මාර්ගයේ එක් මංතීරුවක් වසා දැමේ

(UTV | කොළඹ) – ලබන සෙනසුරාදා පස්වරුවේ සිට ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පිවිසෙන ආඩිඅම්බලම සහ කටුනායක ගුවන්තොටුපල මාර්ගයෙහි එක් මංතීරුවක් වසා තැබේ.

කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ එම මාර්ගයේ සිදුකරන ජලනල එලීමේ කටයුතු හේතුවෙන් මෙලෙස මාර්ගයේ එක් මංතීරුවක් වසා තැබෙන බව නිවේදනයක් නිකුත් කරමින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි කළමනාකාරිත්වය සදහන් කළේය.

මේ හේතුවෙන් මිනුවන්ගොඩ – කිඹුලපිටිය දෙසින් නයිකන්ද ඔස්සේ ගුවන්තොටුපල වෙතට පිවිසෙන ගුවන් මගීන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි ගුවන්තොටුපල කළමනාකාරිත්වය ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සහ ශ‍්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය අතර හමුවක්

Mohamed Dilsad

ගෝඨාභය ඉදිරියෙන්

Mohamed Dilsad

කඩුගන්නාවේ සිට මහනුවර දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Mohamed Dilsad

Leave a Comment