ප්‍රමුඛ පුවත 1

වෘත්තිකයන් පත් කිරීම සඳහා විශේෂ කමිටුවක්

 

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි රාජ්‍ය ආයතන සඳහා දක්ෂ සහ සුදුසුකම් සහිත වෘත්තියවේදීන් පත් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති කාර්යාල වෘත්තිකයන් 6 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.

හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම්වරයෙකු වන සුමිත් අබේසිංහ එහි ප්‍රධානත්වය දරනු ලබයි.

එමෙන්ම එම කමිටුව සුසන්ත රත්නායක, ආචාර්ය නාලක ගොඩහේවා, ඩයස් ගෝමස්, ආචාර්ය ප්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත වේ.

ලබන මස 18 වනදාට පෙර රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වානිජ ව්‍යාපාර සඳහා සුදුසුකම් ලත් වෘත්තිකයින් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරන ලෙසටද ජනාධිපති කාර්යාලය කමිටුව වෙත දැනුම්දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘අතකොටා’ ට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම වේ

Mohamed Dilsad

මාතර – බෙලිඅත්ත අතර මංගල දුම්රිය ගමන ඇරඹේ

Mohamed Dilsad

මඩ ප්‍රහාර වලින් තමන්ගේ දේශපාලන ගමන නැවැත්විය නොහැක [VIDEO]

Mohamed Dilsad

Leave a Comment