ප්‍රමුඛ පුවත 1

මාතර – බෙලිඅත්ත අතර මංගල දුම්රිය ගමන ඇරඹේ

(UTV|මාතර) – අභිනවයෙන් ඉදිකළ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු වරට දුම්රියක් අද(06) ධාවනය කෙරේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම පළමු දුම්රිය ගමන ආරම්භ වීමට නියමිතය.

අදියර 3ක් යටතේ මාතර සිට කතරගම දක්වා වූ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සිදු කෙරේ.

එහි පළමු අදියර යටතේ කිලෝමීටර් 26ක දුරින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසය.

දෙවැනි අදියර යටතේ කිලෝමීටර් 48ක දුරකින් යුත් බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වන අතර තෙවැනි අදියර කිලෝමීටර් 39ක දුරකින් යුත් හම්බන්තොට සිට කතරගම දක්වා ද ඉරිකිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ලංකාවේ දිගම දුම්රිය උමග පිහිටා ඇත්තේ ද මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේය.

එම උමගෙහි දිග ප්‍රමාණය මීටර් 615ක් වන අතර එය නාකුට්ටිගම ප්‍රදේශයේ සිට කැකණදුර දුම්රියපොළ දක්වා විහිදේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටුබැද්දේ සිදුවූ රිය අනතුරින් පුද්ගලයින් 08 දෙනෙක් රෝහලේ

Mohamed Dilsad

දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම තහනම් – පොලිසිය

Mohamed Dilsad

අදත් දැඩි උණුසුම් කාළගුණයක්…

Mohamed Dilsad

Leave a Comment