ප්‍රමුඛ පුවත 1

අල්ලස් ගැනීමට තැත් කළ සහකාර පොලිස් අධිකාරිවරයා රිමාන්ඩ්

(UTV | කොළඹ) –  රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබීය.

ඊයේ පස්වරුවේ හලාවත වැඩබලන මහේස්ත්‍රාත් බී.යූ. ශානක උදයංග වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පිහිටි දේවාලයක හිමිකරුවෙකුගෙන් කෝවිලේ ඇති හක්ගෙඩි වලට නඩු නොපවරවා සිටීම සඳහා සහ බාධාවකින් තොරව දේවාලයේ කටයුතු පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීම සඳහා රුපියල් ලක්‍ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 1,90,000/- ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විජයකලා මහේෂ්වරන් ඇප මත නිදහස්

Mohamed Dilsad

පළමු පාසැල් වාරය ඇරඹේ

Mohamed Dilsad

ශිවාජිලිංගම්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් කැදවීමක්

Mohamed Dilsad

Leave a Comment