ප්‍රමුඛ පුවත 1

අපොස සාමාන්‍ය පෙළ දෙසැම්බර් 2 වනදා සිට [VIDEO]

(UTV | කොළඹ) –  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 02 වනදා ආරම්භ වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් 717,008 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර ඉන් 433,050 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වෙයි.

විභාගය සඳහා අයදුම්කර ඇති බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් රත්මලාන, තංගල්ල, මාතර, හලාවත සහ කොළඹ මැගසින් යන බන්ධනාගාරවල විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ද විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

මීට අමතරව මහරගම අපේක්ෂා රෝහල, වටරැක සුනීත විද්‍යාලය, නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේද, විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ද විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස්වරයා වැඩිදුර සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිලිනොච්චියේ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ජලයෙන් යට වෙයි[VIDEO]

Mohamed Dilsad

මුහුදු කූඩැල්ලන් සමග සැකකරුවෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment