ප්‍රමුඛ පුවත 1

ලංකා IOC ඉන්ධන මිල පහළට

(UTV | කොළඹ) – ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙවර සිපෙට්කෝ ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු වී නොමැත.

ලංකා අයි. ඕ.සී. සමාගම සිය පෙට්‍රල් නිෂ්පාදන දෙකක මිල ගණන් ඊයේ(11) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගෙන තිබේ.

එහිදී ඔක්ටේන් 92 වර්ගයේ ලංකා පෙට්‍රල් සහ එක්ස්ට්‍රා ප්‍රිමියම් යුරෝ 3 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙක බැගින් අඩු ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ අයි. ඕ.සී ලංකා පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 142ක් වන අතර, එක්ස්ට්‍රා ප්‍රිමියම් යුරෝ 3 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 148ක් වේ.

අයි. ඕ.සී. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 104ක් ලෙසත්, එක්ස්ට්‍රා මයිල් ඩීසල් ලීටරයක් රුපියල් 108ක් ලෙසත්, ලංකා සුපර් ඩීසල් යුරෝ 4 ලීටරයක් රුපියල් 132ක් ලෙසත්, එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 යුරෝ 4 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 164ක් ලෙසත් තවදුරටත් අලෙවි කළ හැකිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Mohamed Dilsad

සාපෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් අවසන්

Mohamed Dilsad

ඉන්ධන මිල ඉහළට…

Mohamed Dilsad

Leave a Comment