ප්‍රමුඛ පුවත 1

ජනපති, ආරක්‍ෂක රථ පෙළේ වාහන ගණන අඩු කෙරේ

(UTV | කොළඹ) – ජනපති ආරක්‍ෂක රථ පෙළෙහි යන වාහන ගණන සීමා කිරීමට සුදාමනක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණයකට අනුව බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථපෙළට ගිලන් රථයක් ද ඇතුළුව වාහන 15 ත් 20 ත් අතර ප‍්‍රමාණයක් ගමන් ගනී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම තීරණයට අනුව එම වාහන ගණන 02 කට හෝ 03කට සීමා කරනු ඇති බව වාර්තාවේ.

මේ අතර ජනාධිපතිවරයා සහිත රථ පෙළ ගමන් කිරීමේදී මාර්ග වසා දැමීම මින් ඉදිරියට සිදු නොකිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

තවද ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 109 එරට බලධාරීන් භාරයට

Mohamed Dilsad

අද සහ හෙට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

පොලීසියේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment