ප්‍රමුඛ පුවත 1

මෙවර සාපෙළ විභාග මධ්‍යස්ථානයක් කත්මණ්ඩු නුවරදී

 

(UTV | කොළඹ) – එළඹෙන දෙසැම්බර් මස 2 වන දා පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර විශේෂ විභාග මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් 7 දෙනෙකු නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

මධ්‍යස්ථාන 4987 කදී මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර එළඹෙන දෙසැම්බර් මස 02 වැනිදා සිට 12 වැනිදා දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා විභාග අපේක්ෂකයින් හත් ලක්ෂ 17,008 ක් පෙනී සිටීමට සුදුසුකම් ලබා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වර්ජනයෙන් දුම්රිය ධාවනයට බාධාවක් නෑ

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වේ

Mohamed Dilsad

ගුවන් පාලමක් මතින් ඇඳ වැටී සිසුවියක් බරපතල තුවාල ලබයි

Mohamed Dilsad

Leave a Comment