ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය වෙනුවෙන් ෆේස්බුක් ආයතනයෙන් සහතිකයක්

(UTV | කොළඹ) – තවත් දින කීපයකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට සිය සමාජ මාධ්‍ය ජාලය හරහා එල්ලවිය හැකි අනිසි බලපෑම් මැඩපැවැත්වීමට පියවර ගෙන ඇති බව ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය දැනුම් දෙයි.

ඒ අතරට ව්‍යාජ ගිණුම් ඉවත් කිරීම , අසත්‍ය තොරතුරු ව්‍යාප්තවීම , මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම්වල විනිවිදභාවය තහවුරු කිරීම ඇතුලු පියවර රැසක් ගෙන තිබෙන බවටත් , ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට උපරිම සහය දක්වන බවටත් ෆේස්බුක් ආයතනය සහතික වී ඇත.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉලක්ක කරගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් නිරීක්ෂණයට වෙනම කණ්ඩායම් කිහිපයක් පත්කර ඇති බවද ඔවුන් සඳහන් කර තිබේ.

ලංකාවේ නීතියට පටහැණි වෙළඳ දැන්වීම් ප්‍රචාරයට ලදහොත් ඒවා හැකි ඉක්මණින් ඉවත් කිරීමට පියවර ගන්නා බව ද ෆේස්බුක් ආයතනය දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබදව විශේෂ තීරණයක්

Mohamed Dilsad

සා.පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

Mohamed Dilsad

යාපනයේ තවත් කල්ලියක් දැයි සැකයක්

Mohamed Dilsad

Leave a Comment