ප්‍රමුඛ පුවත 1

කොළඹ වායු දූෂණ තත්ත්වය ලබන සතියේ දී ඉහළ යයි

පසුගිය දින කිහිපය තුළ මෙරට වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය 100% කින් ඉහළ ගිය අතර, වායු තත්ත්ව දර්ශකයේ අගය 150 දක්වා ඉක්මවා ගිය බවත් , මේ වනවිට එම අගය 60% දක්වා පහත බැස ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි කියා සිටියේය.

ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පැමිණි සුළං ධාරාවත් සමඟ මෙම දූවිලි අංශු පැමිණ ඇති බව ඔහු පැවසීය.

ඉන්දියාවේ සිට හමා එන දූවිලි වලාවේ බලපෑමේ යම් අඩුවීමක් සිදුවූවද, මේ මස 13 වැනිදා වෙද්දී යම් වැඩිවීමක් සිදුවිය හැකි බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි වීරතුංග සඳහන් කළේය.

නමුත්, මෙම අනපේක්ෂිත වායු දූෂක තත්ත්වය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැඩි විමසිල්ලෙන් කටයුතු කරන බව ද මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන සඳහන් කළේ මෙවැනි වායු දූෂණ තත්ත්වයකදී ශ්වසන රෝගීන්, කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් මෙන්ම වයෝවෘද්ධ පුද්ගලයින් ආරක්ෂා විය යුතු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්නන්ට දැඩි දඬුවම් පැමිණවීම සඳහා නීති වෙනස් වෙයි

Mohamed Dilsad

ජනපතිවරණයට අදාළ පැමිණිලි 3700 ඉක්මවයි

Mohamed Dilsad

සහල් සඳහා මිල පාලනයට අද රාත්‍රියේ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment