විදෙස්

WhatsApp වලට අළුත් වෙනසක්

(උදයම්,ඇමෙරිකාව)  –  WhatsApp මෘදුකාංගයට නව විශේෂාංග කිහිපයක් එක් කිරීමට පියවර ගැනේ.

මෙම මෘදුකාංගයයට එක්කර ඇති නවතම විශේෂාංගය මගින්  WhatsApp හරහා තවත් කෙනෙකුට යවනු ලබන කෙටි පණිවුඩයක වැරැද්දක් ඇත්නම් එම කෙටි පණිවුඩය මකා දැමීමට හෝ එහි ඇති වැරැද්ද නිවැරදිකර ආපසු යැවීමට හැකියාව ලැබෙනබව එම සමාගම සඳහන් කරයි.

සිදුවූ වැරැද්ද නිවැරදි කිරීමට හෝ කෙටි පණිවුඩය මකාදැමීමට විනාඩි 05 ක කාලයක් ලබා දී තිබීම  WhatsApp මෘදුකාංගයේ විශේෂත්වයකි.

මෙයට එක්කර ඇති අනෙක් පහසුකම වන්නේ WhatsApp භාවිතකරන යම් අයෙකු සිය දුරකථන අංකය වෙනස් කළහොත් WhatsApp හරහා සිය මිතුරන් වෙත නව දුරකථන අංකය ස්වයංක්‍රියව දැනුම් දෙනු ලැබීමය.

මෙම නව පහසුකම් නුදුරේදීම WhatsApp සඳහා එක් කරමින් හදුන්වාදීමට කටයුතු සැලසුම්කර ඇති බව එම සමාගම පවසයි.

Related posts

පාකිස්තානයේ හිටපු හමුදා නායකයාට මරණ දඬුවම

Mohamed Dilsad

අතුරුදන්ව සිටි උතුරු කොරියානු නායකයා මාධ්‍ය ඉදිරියට [PHOTOS]

Mohamed Dilsad

පාකිස්ථාන ලුතිනන් ජෙනරල් අසිම් මුනීර් සිය ධුරයෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment