ප්‍රමුඛ පුවත 1

වෙඩි තැබීමේ සිද්ධියට එස්.බී.ගේ ආරක්ෂකයින් 2ක් අත්අඩංගුවට

පොලිසිය සඳහන් කළේ මන්ත්‍රීවරයා ගමන් ගත් රථයකට පුද්ගලයින් පිරිසක් බාධා කරන විට පිටුපසින් පැමිණි රථයේ සිටි ආරක්ෂක නිලධාරීන් වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් අයෙකු කරවනැල්ල රෝහලටත්, සුළු තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ගිනිගත්හේන රෝහලටත් ඇතුළත් කර තිබේ.

ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා සමඟ ගිනි අවි දෙකක් ද ගිනිගත්හේන පොලීසිය භාරයට ගෙන ඇති අතර, හිස් පතොරම් කොපු තුනක් ද එම ස්ථානයේ තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අද (07) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සමඟ වැඩකළ හැකි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට [VIDEO]

Mohamed Dilsad

රුපියලේ අගය ස්ථාවරත්වයකට පැමිණෙයි…

Mohamed Dilsad

මාධ්‍යවේදී කීත් නොයාර්ගෙන් ප්‍රකාශයක් ගන්න CIDය ඕස්ට්‍රේලියාවට යයි

Mohamed Dilsad

Leave a Comment