ප්‍රමුඛ පුවත 1

දෙහිවල ෆේස්බුක් සාදයකදී 100 දෙනෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  දෙහිවල වෙරළ තීරයේ හෝටලයක් තුළ ඊයේ (02) සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් 17 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් සිය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

දෙහිවල පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර , අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 – 48 ත්
අතර පසුවන්නන් වේ.

මෙම සැකකරුවන් අම්බලන්ගොඩ, කලුතර, කුරුණෑගල සහ පොළොන්නරුව යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා ගෑම් 04 ක්, මත්පැන් ලීටර් 38 ක්, මත් මුද්දරයක් සහ නීති විරෝධී මත් දුම්වැටි 28 ක් ද සොයා ගෙන ඇති අතර , සැකකරුවන් පිරිස ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (03) ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පැය 24ම විවෘත කර තැබීමට පියවර.

Mohamed Dilsad

අද පරිසර සමුළුවේ ප්‍රධාන දේශනය ජනපතිගෙන්

Mohamed Dilsad

කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් දුරකතනයක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment