ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පැය 24ම විවෘත කර තැබීමට පියවර.

(UTV| කොළඹ) – රටේ වත්මන් තත්වය සලකා බලා ගුවන් මගීන්ට සේවා සැපයීම සදහා කොළඹ කොටුව ලෝක වෙලෙද මධ්‍යස්ථානයේ පිහිටි ප්‍රධාන ප්‍රවේශපත්‍ර කාර්යාලයට අමතරව තවත් රට පුරා පිහිටි ප්‍රධාන නගර කිහිපයකම සිය සේවා මධ්‍යස්තාන පැය 24 ම විවෘත කර තැබීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.

මඩකලපුව ,ගම්පහ , හම්බන්තොට, යාපනය , කුරුණෑගල , වව්නියාව හා වෙන්නප්පුව යන නගර වල මෙම ප්‍රාදේශීය සේවා මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත.

ඒ අනුව ගුවන් ටිකට් පත් මිලදී ගැනීම , ගුවන් ගත වීමේ දින වෙනස් කිරීම, ආසන වෙන් කරවා ගැනීමට හා  ගුවන් යානා ගමන් වේලාවන් දැන ගැනීමද මෙම මධ්‍යස්ථාන ඔස්සේ සිදු කර ගත හැකියි.

මේ පිළිබද වැඩි විස්තර සඳහා 1979 දුරකථන අංකය ඔස්සේ හෝ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෙබ් අඩවියෙන් ලබා ගතහැකි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට සැලසුම්

Mohamed Dilsad

ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක්

Mohamed Dilsad

කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ්ට නව නිවසක්

Mohamed Dilsad

Leave a Comment