ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි

(UTV | කොළඹ) – අද (01) මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනයයි.

ප්‍රථම වරට තැපැල් ඡන්ද සලකුණු කිරීම ඊයේ (31) ආරම්භ වූ අතර, එය සාමකාමීව අවසන් විය.

පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නියමිත අතර ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයින්ට නොවැම්බර් 7 වනදා තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලය තුළ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වේ.

පොලීසිය, මැතිවරණ ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආදී සේවයේ නියුතු තැපැල් ඡන්ද දායකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කර ඇත්තේ නොවැම්බර් 4, 5 යන දෙදිනයි.

රාජ්‍ය නිලධාරින් සංඛ්‍යාව හය ලක්ෂ 59,515 ක් මෙවර තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගම්මන්පිළට ඇමරිකාවට යාමට අධිකරණයේ අවසර

Mohamed Dilsad

“එක් තීරුවක් – එක් මාවතක්”ව්‍යාපෘතිය ණය උගුලක් නොවේ.චීනය කියයි

Mohamed Dilsad

ජනාධිපතිවරණ අපේක්ෂකයනගේ විශේෂ හමුවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment