ප්‍රමුඛ පුවත 1

වැසි තත්ත්වයේ තවදුරටත් වැඩිවීමක්

 

(UTV | කොළඹ) – දිවයිනේ පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (26) රාත්‍රියේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

දිවයිනට ගිණිකොණ දෙසින් වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් නැගෙනහිර, උතුර, උතුරුමැද සහ ඌව පළාත්වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තද වැසි, තද සුළං හා මුහුද රළු වීම පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකය පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා වැඩි විය හැකි බවයි.

කළුතර, රත්නපුර, කෑගල්ල හා බදුල්ල දිස්ත්‍රික්කවලට පැන වූ නාය යෑමේ අවදානම් නිවේදනය අඛණ්ඩව ක්‍රියාත්මක බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, ඇල්ල – වැල්ලවාය මාර්ගය ද තවදුරටත් වසා දමා ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා නිසා මියගිය අයගේ ආදාහනය පිලිබඳ ගැසට් නිවේදනයක් [GAZETTE]

Mohamed Dilsad

මොහොමඩ් සියාම් ඝාතනය: මරණ දඬුවම ලැබූ සිරකරුට උපාධිය ලබා ගැනීමට අවසර

Mohamed Dilsad

අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක්

Mohamed Dilsad

Leave a Comment