දේශීයප්‍රමුඛ පුවත 1

මොහොමඩ් සියාම් ඝාතනය: මරණ දඬුවම ලැබූ සිරකරුට උපාධිය ලබා ගැනීමට අවසර

(උදයම්, කොළඹ) – මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට වරදකරුවී මරණ දණ්ඩනය නියමවූ, මරණීය දණ්ඩන අභියාචනා සිරකරු ලක්මිණි ඉන්දික බමුණුසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය සමත්වී තිබේ. අද (05) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන එම විශ්ව විද්‍යාලයීය උපාධි ප්‍රදානොත්සවයේදී ඔහු මේ උපාධි සහතිකය හිමිකර ගනු ඇත.

ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයකු ලෙස සේවයේ නිරතව සිටියදී 2012 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා ලියාපදිංචිවී පළමු වර්ෂය අවසන් කර තිබියදී මේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතවී තිබේ.

ඉන්දික බමුණු සිංහ බන්ධනාගාරය තුළ සිටියදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අවසරය ලබාගෙන බන්ධනාගාරය තුළදීම අධ්‍යාපන කටයුතු නොකඩවා කරගෙන ගොස් ඇති අතර එම පහසුකම මත දෙවන හා තුන්වන වසර දේශන සඳහා සහභාගි වී උපාධිය සමත් වී ඇත.

අදාළ නඩුව සඳහා මරණීය දණ්ඩනය නියමව සිටිය දී ,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිය සඳහා වන උපාධි ප්‍රදානෝත්සවය අද දින බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ දී පවත්වන බව දැනුම් දීමෙන් පසු වැලිකඩ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතාගේ මැදිහත්වීම යටතේ මේ සිරකරු උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි කරවීමට කටයුතු යොදා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මරණීය දණ්ඩණය නියම වූ සිරකරුවෙකුට ලැබෙන මේ දුලභ අවස්ථාව සිරකරුට උදා කර දීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතියද හිමිවි තිබේ.

Related posts

මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනාව විසිරුවනවා [VIDEO]

Mohamed Dilsad

2015 පලවා හරින ලද අය නැවත බලයට එපා [VIDEO]

Mohamed Dilsad

රජයේ නිලධාරීන් අද මැදියමේ සිට වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment