ක්‍රීඩා

ලසිත් ඇන්ජලෝට එන්නැයි ආරාධනය කරයි

(UTV |කොළඹ) – ඇන්ජලෝ මැතිව්ස්ට  යළි කණ්ඩායමට එක්වීමට කිසිදු බාධාවක් නොමැති බව ශී‍්‍ර ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායක ලසිත් මාලිංග පවසයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

එහිදී වැඩි දුරත් අදහස් දැක්වූ ලසිත් මාලිංග පැවසුවේ “ඇන්ජලෝ මැතිව්ස් තරඟයක් ජයග්‍රහණය දක්වා ගෙන යන්න පුළුවන් ක්‍රීඩකයෙක්. අසේල ගුණරත්න අබාධයකට ලක් වෙලා ඉන්නේ .අන්ජලොත් අවස්ථා කිහිපයකදී ආබාධයන්ට ලක් වුණා. ඉතින් නැවත ඇන්ජලෝට කණ්ඩායමට එක් වීමට අවස්ථාවක් තිබෙනවා.දැන් සුව වෙලා ඉන්නේ ඇන්ජලෝ ඕනෑම අවස්ථාවක ඔහුට කණ්ඩායමට එන්න පුළුවන්.පන්දු යවන්නෙක් විදිහට දක්ෂතා අතර පැමිණ යළිත් කණ්ඩායමට එක වෙන්න පුළුවන්”.

Related posts

ඉන්දීයාව කණ්ඩායමට තරුණයෙක් කැඳවයි

Mohamed Dilsad

කාසියේ වාසිය පාකිස්තානයට

Mohamed Dilsad

ආබාධ නිවාරණය පිලිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වැඩමුළුවක්

Mohamed Dilsad

Leave a Comment