ප්‍රමුඛ පුවත 1

පුද්ගල ඝාතනයකට සැක කටයුතු හයදෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – පුද්ගලයෙකු ඝාතනයකට සම්බන්ධ බවට සැකකෙරෙන හයදෙනෙකු ගල්කිස්ස – රත්මලාන සිල්වෙස්ටර් පාලම අසළදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(16) ගල්කිස්ස කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අවුරුදු 17ත් 31ත් අතර වයස්වල පසුවන මොවුන් රත්මලාන ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

මෙම ප්‍රදේශයේදී පසුගිය මස 2 වනදා පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහරදී එක් අයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ලවී තිබිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අත්අඩංගුවට ගත් මන්ත්‍රී “රත්තරන්” ට ඇප

Mohamed Dilsad

ලංකාව යළි දේශපාලනික වශයෙන් අරාජික කිරීමට උත්සාහයක් [VIDEO]

Mohamed Dilsad

ජනපතිගේ පෙත්සම් 2ක් සලකා බැලීම කල් යයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment