ප්‍රමුඛ පුවත 1

සහරාන්ගේ සංවිධානයට සම්බන්ධ 127ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

(UTV |කොළඹ) – පාස්කු ඉරිදා  ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ වීඩියෝ දර්ශන නරඹා එම සංවිධානයට සහය පල කර ඇති පුද්ගලයින් 127 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ද ටයිම් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කර ඇත්තේ ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ ප්‍රධානී අලෝක් මික්ටාල් මේ බව සඳහන් කර ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කල්ලියට සම්බන්ධ ප්‍රධානියෙකු ලෙස සැලකෙන ශකීර් නයික්ගේ අනුගාමිකයින් බවයි.

ඉන්දියාවේ ප්‍රාන්ත 14ක සිදුකළ මෙහෙයුම්වල දී මෙම සැකකරුවන් 127 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රස්ත විරෝධී කණ්ඩායම්වල ප්‍රධානීන්ගේ හමුවකදී ඊයේ(14) දිනයේ අලෝක් මික්ටාල් ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහරාන් හෂීම්ගේ වීඩියෝ දර්ශන මඟින් තමන් රැඩිකල්කරණය වූ බව පිළිගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගෙන ඇති බහුතරයක් දෙනා තමිල්නාඩු  ප්‍රාන්තයේ පදිංචිකරුවන් වන අතර 33දෙනෙකු එහිදි අත්අඩංගුවට ගෙන තිබේ.

තවත් පුද්ගලයින් 19 දෙනෙකු උත්තර් ප්‍රදේශ් හිදී ද ,කේරලයේදී  පුද්ගලයින්  17 දෙනෙකු තෙලඟනා ප්‍රදේශනේ පුද්ගලයින් 17 දෙනෙකුද, මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් පුද්ගලයින් 14 දෙනෙකු සහ කර්නාටකයෙන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සම්බා හා නාඩු සහල්වලට උපරිම සිල්ලර මිලක් [VIDEO]

Mohamed Dilsad

ධුර වලින් ඉවත්වූ අමාත්‍යවරුන්ට පාර්ලිමේන්තුවේ පසු පෙළ අසුන් පැනවේ

Mohamed Dilsad

මුහුදු කූඩැල්ලන් වගාව යළි ආරම්භ කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment