ප්‍රමුඛ පුවත 1

ගෝඨා සිංගප්පූරුව බලා පිටත්ව යයි [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද (10) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

වෛද්‍ය පරීක්ෂණයකට සහභාගීවීම සදහා ඔහු මෙලෙස සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර , ගෝඨාභය රාජපක්ෂ ඇතුළු දූත පිරිස යළිත් අනිද්දා (12) දිවයිනට පැමිණීමට නියමිතය.

වෛද්‍ය පරීක්ෂණයකට එක්වීම සඳහා විදෙස් ගතවීමට ගෝඨාභය රාජපක්ෂ හට පසුගියදා අධිකරණය විසින් අවසර ලබාදුන්නේය.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

එම සාකච්ඡාව සඳහා දිනයක් ලබාදෙන ලෙස ද දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර  ඇති අතර ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට ආපසු පැමිණි පසු එම සාකච්ඡාව සඳහා දිනයක් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද එකගතාව පළ කර ඇති බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකින් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරටින් 9 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි [RELEASE]

Mohamed Dilsad

සජිත් සහ TNA අතර හමුවක්

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි

Mohamed Dilsad

Leave a Comment