ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි

(UTV|කොළඹ) – දිවයිනට ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පවතින අතර අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත ඇති වන බවත් සමහර ස්ථානවලට විශේෂයෙන් බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල මි.මී. 75 පමණ තරමක් වැසි ද ඇති විය හැකි බවත් පෙන්වා දෙයි.

උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන තරමක තද සුළං පැ.කි.මී.50 පමණ බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජිනිවා මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් මෙවරත්

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා සංවර්ධනයට Online ක්‍රමයෙන් වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment