ප්‍රමුඛ පුවත 1

මේ දිනවල වැඩි වැඩියෙන් ජලය පානය කාටත් හොඳයි

(උදයම්,කොළඹ) –  මේ  දිනවල දහවල් කාලයේ  පවතින අධික වියළි කාලගුණයත් සමඟ කුඩා දරුවන් විජලන තත්වයට පත් විය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.

තවදුරටත්  ශ්‍රී ලංකාවට මුදුනින් සූර්යා පිහිටීම  හේතුවෙන් මෙම උෂ්ණාධික කාලගුණය පවතින අතර මේ නිසා ශරීරය විජලනය වීමේ තත්ත්වයන් ඇති විය හැකි බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ළමා රෝග ඒකකය පෙන්වා දෙයි.

මේ දිනවල විජලන තත්වයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ වයස්ගත පුද්ගලයින් සහ කුඩා දරුවන්ය.

මේ නිසා ඔවුන් පිළිබදව අවධානය යොමු කර වැඩි වශයෙන් පිරිසිදු ජලය පානය කිරීමට යොමු කළ යුතු වේ.

කෙසේ වෙතත් මෙම අධික වියලි කාලගුණ තත්වය එළඹෙන 15 වන දා වන තුරු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

Related posts

ඕස්ට්‍රේලියාවෙන් ලාංකිකයන් 13 දෙනෙකු පිටුවහල් කෙරේ

Mohamed Dilsad

මිනුවන්ගොඩ සිද්ධියට අදාල තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

මඩකලපුවේ විරෝධතාවයේදී පිරිසක් තුවාල ලබයි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment