ප්‍රමුඛ පුවත 1

රාජපක්‍ෂ රජය රටේ මුදල් කාබාසිනියා කල හැටි මුදල් ඇමති කියයි

(UTV |කොළඹ) – “මේ රටේ ආර්ථිකය විනාශ කළේ රාජපක්ෂ ආණ්ඩුව බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මුදල් අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ මුදල් අමාත්‍යංශයේ අද(03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකදීය.

“එදා රාජපක්ෂ ආණ්ඩුව අධික පොලියට ණය අරගෙන ඒවා හිතවතුන්ගේ ව්‍යාපෘති වෙනුවෙන් වැය කර රටේ ආර්ථිකය අයි සී යූ එකට ඇද දමා තිබූ බවද මේ වනවිට එම රෝගියා සාමාන්‍ය වාට්ටුවට මාරු කර සුව අතට හැරෙමින් සිටින බවද මුදල් ඇමතිවරයා කීවේය.

“අපේ රජය ආර්ථිකය විනයානුකූලව ඉදිරියට ගත්තා. බලයට පත්වීමේ කෑදරකමින් ඔවුන් දැන් ආර්ථිකය ගැන බොරු ප්‍රචාර කරනවා” යැයි “අපේ රජය ගත් ණයවලින් වැඩිම කොටසක් වැය කළේ රාජපක්ෂ ආණ්ඩුව ගත් ණය ගෙවීමට” යැයිද එහිදී මංගල සමරවීර මහතා පැවසීය.

“එදා ආර්ථිකයත් අද තත්වය ගැනත් විවෘතව සංවාදයකට එන්නැයි මම මහින්ද රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයාට ආරාධනා කරනවා” යැයිද එහිදී මුදල් ඇමතිවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාඩු සහ සම්බා සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

උත්සව සමයේදී සහල් සඳහා උපරිම මිලක්

Mohamed Dilsad

ධුර වලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අද යළි දිවුරුම් දීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment