ප්‍රමුඛ පුවත 1

නේපාල ජනාධිපතිනිය කැලණිය රජමහා විහාරය වැඳපුදා ගනී

(උදයම්,කොළඹ)  – ලෝක බෞද්ධ වෙසක් උළෙලේ සමාප්ත උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ නේපාල ජනාධිපති බිද්‍යා දේවි බණ්ඩාරී මහත්මිය අද පෙරවරුවේ (15) ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදු වූ කැලණිය රජමහාරය වැඳපුදා ගත්තාය.

මෙහිදී කැලණිය රජමහාවිහාරයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳව කැලණි රජමහාවිහාරස්ථානාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින් වහන්සේ විසින් නේපාල ජනාධිපතිවරියට විස්තරක් ද ඉදිරිපත් කරන ලදහ.

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, විදේශ රැකියා කටයුතු පිළිබඳ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

කොරෝනා දේශීය බෙහෙත ගන්න මහා සෙනගක්.පොලිසියෙන් කැඳවයි[PHOTOS]

Mohamed Dilsad

වාහන මිල ලබන වසරේදී ඉහළට

Mohamed Dilsad

Leave a Comment