ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයට ඇප මුදල් භාරගැනිම අද සිට

(UTV|කොළඹ) – ජනාධිපතිවරණය සදහා ඇප මුදල් භාරගැනිම අද(19) ආරම්භ කෙරෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

ඒ අනුව අද(19) සිට ලබන මස 06 වනදා දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළ හැක.

මෙවර ජනාධිපතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 18ක් පමණ ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසම වෙත දැනුම්දී තිබේ.

ප්‍රධාන පක්ෂ වලින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක මහතා ද, පෙරටුගාමි සමාජවාදී පක්ෂය දුමින්ද නාගමුව මහතා ද, අපේක්ෂකයන් ලෙස නම් කර ඇත.

ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වන දින පැවැත්විමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ.

ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී නිකුත් කෙරුණු අතර අපේක්ෂකයන්ගේ නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07 වනදා පෙරවරු 09.00 සිට පෙරවරු 11.00 දක්වා සිදු කිරිමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නඩුව කල් යයි

Mohamed Dilsad

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව 19 වැනිදා

Mohamed Dilsad

උත්තර දේවි ගමනට ජනපතිත් එක්වෙයි..

Mohamed Dilsad

Leave a Comment